Ayubowan · @ayubowan
3 followers · 5711 posts · Server srilankans.online

2024 හිතුවක්කාර මහල්ලන්ගේ සටන: ● 2024 දී ට්‍රම්ප් සුළඟක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට නැවතත් ලෝකයේ අංක එකේ පුවත් මවන්නා බවට පත් වී ඇත. වර්තමාන ජනාධිපති ජෝ බයිඩන් 2024 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස නැවතත් තරග කරන බව දැනටමත් ප්‍රකාශ වී ඇත. ඔහුට එරෙහි ප්‍රධානතම ප්‍රතිවාදියා ඉදිරිපත් වන්නේ රිපබ්ලිකන් පක්ෂයෙනි. එම පක්ෂයේ ජනාධිපති… divaina.lk/2024-%e0%b7%84%e0%b

#ඉරදසගරහයවදසපවත #americanpresidentialelection2024

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5478 posts · Server srilankans.online

කළු ගලේ ඔළුව ගසා ගත් ප්‍රිගොෂින්ගේ ඉරණම: පසුගිය ජූනි මාසයේදී රුසියානු හමුදාවට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් දියත් කළ වැග්නර් කුලී හමුදාවේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් ගුවන් අනතුරකින් මියගිය බව බදාදා (23) වාර්තා විය. ගුවන් සමාගම උපුටා දක්වමින් රුසියාවේ සිවිල් ගුවන් සේවා ඒජන්සිය වාර්තා කළේ ප්‍රිගොෂින් යානයේ සිටි බවයි. රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ සිට ගමන් ගත් ප්‍රිගොෂින් රැගත් පෞද්ගලික ගුවන් යානය මොස්කව් නගරයට උතුරින් කඩා වැටී තිබුණි. අනතුරින් යානයේ… divaina.lk/%e0%b6%9a%e0%b7%85%

#ඉරදසගරහයවදසපවත #prigoshin

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5478 posts · Server srilankans.online

ඉන්දියාව ලෝක බලවතෙන් කළ සඳ ගමන “චන්ද්‍රයාන් – 3”: “චන්ද්‍රයාන් – 3 සඳ මතුපිටට ගොඩබෑම සහ අපගේ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීම වෙනුවෙන් මම යාඥා කළා. ඇත්තටම මේ සමඟ ඉන්දියාව දැන් සුපිරි බලවතකු ලෙස මතුවෙමින් තිබෙනවා යනුවෙන් විශ්ව හින්දු පර්ෂදයේ නායකයකු වන විනෝද් බන්සාල් ප්‍රකාශ කර තිබුණේ පසුගිය බදාදා දිනයේය. එදින පස්වරුවේ චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් ගොඩබැස්ස වූ පළමු රට බවට ඉන්දියාව ඉතිහාසගත විය.

සැලසුම් කළ පරිදි… divaina.lk/%e0%b6%89%e0%b6%b1%

#ඉරදසගරහයවදසපවත #chandrayan3

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 5291 posts · Server srilankans.online

චීනයේදී Douyin පිටදී “ටික් ටොක්”: ටික් ටොක් සමාජ මාධ්‍ය ජාල අතර දැන් බෙහෙවින්ම ජනප්‍රියයි. තමන්ට අවශ්‍ය වේලාවකදි, තමන්ට අවශ්‍ය පණිවිඩය තමන්ගේම නිර්මාණශීලීත්වයෙන් මුදා හැරීමේ පහසුකම තිබෙනවා. ඒවා අවභාවිතයෙන් තොරව හසුරුවනවානම් එදිනෙදා ජීවිතයට පවා විශාල ලෙසින් ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

ටික් ටොක් ඇප් එකේ නිර්මාතෘත්වය හිමි වෙන්නේ චීනයටයි. චීනයේ ByteDance සමාගම විසින් නිර්මානය කරන ලද මේ ඇප් එක චීනයේදී Douyin යන නමින් හඳුන්වා දුන්නා. නමුත් ඒ… divaina.lk/%e0%b6%a0%e0%b7%93%

#ඉරදසගරහයවදසපවත #china

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 4770 posts · Server srilankans.online

චීන විදේශ ඇමැතිවරයා අහසින් පොළවට: චීන විදේශ ඇමති චිං ගන්ග් ධුරයෙන් ඉවත්කළ බව එරට රජය නිවේදනය කරයි. ගන්ග් මහතා පිළිබඳව පසුගිය මාසයක පමණ කාලයක් පුරා කිසිදු තොරතුරක් වාර්තා නොවුණි. තවද එකී කාලය තුළ කිසිදු අවස්ථාවක ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිට නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. පසුගිය ජුනි මස 25 දින ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා සමඟ බීජිං නුවර පැවති හමුවෙන් පසු චීන විදේශ ඇමැතිවරයා අතුරුදන් වී තිබුණි.

චීන මහජන කොංග්‍රසයේ හදිසි… divaina.lk/%e0%b6%a0%e0%b7%93%

#ඉරදසගරහයවදසපවත #chineseforeignminister

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 4569 posts · Server srilankans.online

නේටෝවේ මීළඟ සාමාජිකයා යුක්‍රේනය ද? ස්වීඩනය ද?: උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (NATO) රාජ්‍ය නායක සමුළුව මෙවර පැවැත්වූයේ ලිතුවේනියාවේ විල්නියස් අගනුවරදීය. ජූලි 11 හා 12 දෙදින තුළ පැවති මෙවර සමුළුවේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ යුක්‍රේනය තුළ සිදුකෙරෙන රුසියානු ආක්‍රමණය හා ස්වීඩනයට නේටෝවේ සාමාජිකත්වය ලබා දීම පිළිබඳවයි.

● යුක්‍රේනයට තවමත් රතු එළිය

සමුළුව පැවැත්වූයේ යුක්‍රේනය හා රුසියාව අතර යුද්ධය තීරණාත්මකව ඇදී යමින් පවතින පසුබිමකය. නේටෝ… divaina.lk/%e0%b6%b1%e0%b7%9a%

#ඉරදසගරහයවදසපවත #nato

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 4015 posts · Server srilankans.online

පුටින්ට ගහන්න වැග්නර්ලාට පුළුවන්ද?…ප්‍රිගොෂීන් අභියෝග කළේ පුටින්ට නොවෙයි: වැග්නර් සන්නද්ධ කණ්ඩායම විසින් රුසියාව තුළ සිදු කරන ලද කැරලිකාරී හමුදා ක්‍රියාන්විතය අසාමාන්‍ය දේශපාලන ගති ස්වභාවයක් පෙන්නුම් කරයි. එහි කම්පනය මේ වන විට පහව ගොස් ඇතත් කැරැල්ලෙන් ඇති විය හැකි පසුකම්පන තත්ත්වයන් තවදුරටත් බලාපොරොත්තු විය හැකිය. මෙය මාස 16ක් තිස්සේ රුසියාව යුක්රේනයේ ක්‍රියාත්මක කර ඇති යුද්ධයේ තීරණාත්මක අවස්ථාවකි. එමෙන්ම රුසියානු ජනාධිපතිවරයාගේ බලය… divaina.lk/%e0%b6%b4%e0%b7%94%

#ඉරදසගරහයවදසපවත #russiapmcarmyattack

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 2594 posts · Server srilankans.online

ලෝක පාම් ඔයිල් බලවතුන් වවන්නෝ දිනන්නෝ බව ඔප්පු කිරීමට සූදානම්: ගෝලීය වශයෙන් වසංගතයක් පැමිණෙනු ඇතැයි ලංකාවාසී අප පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවද කිසිසේත් නොසිතන්නට ඇත. කොවිඩ් – 19 නමින් සමස්ත ගෝලීය ප්‍රජාවම ගොදුරු කරගත් එම වසංගතයේ අහිතකර තත්ත්වයන් තවමත් නිශ්චිත ලෙසම පහව ගොසින් ද නැත. එය විවිධාකාර පැතිකඩයන් ඔස්සේ ලෝක ප්‍රජාවගේ සෞඛ්‍ය, සමාජයීය, දේශපාලන හා ආර්ථික තත්ත්වයන්ට තවමත් බලපෑම් එල්ල කරමින් තිබේ. කෙසේ වෙතත් වසර 2කට ආසන්න කාලයක් පැවති එම වසංගත… divaina.lk/%e0%b6%bd%e0%b7%9d%

#ඉරදසගරහයවදසපවත #palmoil

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 2061 posts · Server srilankans.online

චොදනා ලත් දේශපාලනඥකු ගඟේ පාකරයි: සමාජයට යහපතක් කිරීමට ප්‍රතිඥා දෙමින් බලයට පත් වෙන දේශපාලකයන්ට කාලයත් සමග තමන්ගේ අරමුණ අමතක වෙනවා. ඒ නිසාම දේශපාලනඥයා යනු දූෂිත චරිතයක සංකේතයක් ලෙසින් වූ පිළිගැනීම සමාජගත වී තිබෙනවා. රජකම් කළත් කළකම් පල දෙන බව සමහර විට ඔවුන්ට අමතක වුණත් ඉතාලියේ ඔරුබඑද රාජ්‍යයේදී ඒ බැව් ඔවුන්ට මතක් කර දෙනවා.

ඉතාලියේ ඔරුබඑද රාජ්‍යයේ පවතින චාරිත්‍රයකට අනුව වැරදි සහගත ලෙසින් කටයුතු කරන දේශපාලනඥයන් දියේ පා කර හැරීම වාර්ෂිකව… divaina.lk/%e0%b6%a0%e0%b7%9c%

#ඉරදසගරහයවදසපවත #italyminister

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 1846 posts · Server srilankans.online

මහ පුටු දෙකේ බල අරගලය සුඩානය: සුඩානයේ උද්ගත වී ඇති සිවිල් යුද්ධය පසුගිය සතියේ ජාත්‍යන්තර මාධ්‍යයන්හි ප්‍රමුඛ පුවත වී තිබුණි. එරට අගනුවර වූ කාටූම් ඇතුළුව රට පුරාම සටන් ඇවිළී තිබේ. හමුදා පාලනයක් යටතේ ඇති සුඩානය පසුගියදා… divaina.lk/%e0%b6%b8%e0%b7%84-

#ඉරදසගරහයවදසපවත #sudan

Last updated 1 year ago

Ayubowan · @ayubowan
3 followers · 1570 posts · Server srilankans.online

සියවසේ රාජාභිෂේකයට සියල්ල සූදානම්: රාජාභිෂේක දේව මෙහෙයෙන් පසු සති අන්ත නිවාඩුවට විචිත්‍රවත් උත්සව මාලාවක්!
“කැමිලා පාකර්” බිසව “කැමිලා රැජින”ලෙස කිරුළු පළඳියි
ගමනට යොදාගන්නේ වසර 260ක් පැරණි රනින් කළ අශ්ව කරත්තයක්
බොහෝ දෙනෙක් නොදන්නා “ඉරණම් ගල” ගෙන එන්නට රහසිගත මෙහෙයුමක්!

එළැඹෙන මැයි මස 6 වැනි දින ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයෙහි පැවැත්වෙන අතිඋත්කර්ෂවත් උත්සවයකදී බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු කිරුළු පැළඳීමට නියමිතය.

පසුගිය… divaina.lk/%e0%b7%83%e0%b7%92%

#ඉරදසගරහයවදසපවත #princecharles

Last updated 1 year ago

Ayubowan · @ayubowan
2 followers · 928 posts · Server srilankans.online

ප්‍රීතිමත් ෆින්ලන්තයටත් යුද බියක්: ෆින්ලන්තය පසුගියදා නේටෝ (NATO) යුද සන්ධානයට එක්වූයේ එහි 31 වන සාමාජිකයා වශයෙනි. ෆින්වරුන්ගේ නේටෝ සම්ප්‍රාප්තිය හුදෙක් යුරෝපාකරයේ තවත් එක් රටක් රුසියාවට එරෙහිව බලමුළු ගැන්වීමක් වශයෙන් පමණක් සැලකිය නොහැක. පසුගිය වසරේ පෙබරවාරි 24 වන දින රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු නේටෝ සංවිධානය විසින් ගන්නා ලද වඩාත් කැපී පෙනෙන භූ-දේශපාලනික පියවර මෙයයි. ෆින්ලන්තයේ සාමාජිකත්වය හේතුවෙන් ලෝකයේ දැනට පවතින බලවත්ම… divaina.lk/%e0%b6%b4%e0%b7%8a%

#ඉරදසගරහයවදසපවත #finland

Last updated 1 year ago

Ayubowan · @ayubowan
2 followers · 443 posts · Server srilankans.online

තුන්වෙනි ලෝක යුද්ධය පටන් ගන්නේ පුටින්: රුසියානු-යුක්‍රේන යුද්ධය දෙවන වසරටත් පා තබා ඇත. ලෝකයේ දේශපාලන, සමාජ හා ආර්ථික සංහිඳියාවන් බොහෝ සෙයින් අස්ථාවරත්වයට පත්කර ඇති මෙකී අර්බුදය අවසන් වීමේ පැහැදිලි සේයාවක් තවමත් දක්නට නැත. සාමය සඳහා වූ ප්‍රවේශ මාර්ග කුමක් හෝ හේතුවක් නිසාවෙන් ඇහිරෙමින් තිබේ. බොහෝ විශ්ලේෂකයන් මේ දෙස බලන්නේ තමන්ට ආවේණික දේශපාලන පැති කණ්ණාඩිවලින් මිස භූමියේ පවත්නා භූ-දේශපාලනික යථාර්ථයට අනුව නොවේ. දෙපාර්ශ්වයේ නායකත්වයන් වීරත්වයට… divaina.lk/%e0%b6%ad%e0%b7%94%

#ඉරදසගරහයවදසපවත #3rdworldwar

Last updated 1 year ago